Heading
දේශීය
2024-10-04 8:32 am

“මේ යන විදිහට නම් නැවත ඉන්ධන පෝලිම් ඇති වෙන එකක් නෑ..!” -කාන්චන -

“මේ යන විදිහට නම් නැවත ඉන්ධන පෝලිම් ඇති වෙන එකක් නෑ..!” -කාන්චන - 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට පාලනය කරමින් සිටින ආකාරය අනුව, ඉන්ධන පෝලිම් ඇති වී රට නැවත ආර්ථික අර්බුදයකට ඇද වැටීමේ අවදානම තුරන් වී ඇති බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි. 

ජනාධිපතිවරණ සටනේ දී, අනුර කුමාර දිසානායක මහතා, ඉන්ධන මත පනවා තිබෙන බදු දැඩිව විවේචනය කළේ ය. ඉන් නොනැවතී, ඔවුන් බලයට පත් වූ පසු, ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කරන බවද පැවසී ය.  දේශපාලන වේදිකාවේ කුමක් කීව ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම රටේ යථා තත්ත්වය තේරුම් ගනිමින් සිටින බව පවසන හිටපු අමාත්‍යවරයා, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකිරීමට ගෙන තිබෙන තීරණය පැසසුමට ලක් කලේ ය. 

එමෙන්ම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද එවැනි ම මතයක නව රජය සිටියි. 

රනිල් සහ සජිත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව පවසා තිබුනද, මේ මොහොතේ එය කළ නොහැකි බව, ජාතික ජන බලවේගයේ තරුණ නායකයෙකු මෑතකදී පවසා තිබුණු බව හිටපු අමාත්‍යවරයා පවසයි. 

මේ තත්ත්වය පිළිබදව හිටපු අමාත්‍යවරයා යම් පැහැදීමකින් කතා කරන බවක් පෙනුනි. 

හිටපු අමාත්‍ය කාන්චන විජේසේකර මහතා මේ අදහස් පල කරන ලද්දේ, හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න