Heading
දේශීය
2024-10-06 4:45 am

"රට විරුවන්ට වාහන බලපත්‍ර ලබා දීමේ දී කෝටි ගණනක වංචාවක් සිද්ධ වෙලා..!" විගණකාධිපති තහවුරුකරයි.

"රට විරුවන්ට වාහන බලපත්‍ර ලබා දීමේ දී කෝටි ගණනක වංචාවක් සිද්ධ වෙලා..!" විගණකාධිපති තහවුරුකරයි. 

රනිල් වික්‍රමසිංහ රජයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් හදුන්වා දී තිබුණු රට විරුවන්ට විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබා දීමේ  වැඩ පිළිවෙළ තුළ කෝටි ගණනක වංචාවක් සිද්ධ වී ඇතැයි විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා පවසයි. 

ඊට අදාල වෝහාරික විගණන වාර්තාවක්, විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු බලධාරීන්ට ලබා දී ඇති අතර, නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එම වාර්තාව සභාගත කිරීමට නියමිත ය. 

විදෙස් ශ්‍රමිකයන්ට ඔවුන් මෙරටට එවා ඇති ප්‍රේෂණවල වටිනාකම අනුව, විද්‍යුත් මෝටර් රථයක් ගෙන්වීම සදහා බලපත්‍ර ලබා දීම සිදු විය. 

මෙම බලපත්‍රය අවභාවිතා කරමින්, රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමික් යුතු විද්‍යුත් මෝටර් රථ 119 ක් ගෙන්වා ඇති බව පැවසේ. 

ඉන් වාහන 75 ක් ම ගෙන්වා ඇත්තේ එක් ආයතනයක් මගිනි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න