Heading
දේශීය
2024-10-06 9:09 am

ගිනි අවි යළි භාරදිය යුතු අය අතර හිටපු මැතිඇමතිවරු සියයක්..!

ගිනි අවි යළි භාරදිය යුතු අය අතර හිටපු මැතිඇමතිවරු සියයක්..!

සිවිල් වැසියන්ට ලබා දී තිබෙන ගිනි අවි සියල්ල යළි කැදවීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය. 

මෙසේ ගිනි අවි යළි භාර දිය යුතු පිරිස අතර, ගිනි අවි ලබා ගත් හිටපු මැති ඇමතිවරු සියයකට වඩා වැඩි පිරිසක් සිටින බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 

ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ගිනි අවි දෙක බැගින් ලබා ගැනීමේ අවස්ථාව පැවති රජය ලබා දුන්නේ ය. 

ගිනි අවි නැවත භාර දීමේ නව නියෝගය යටතේ එසේ ගිනි අවි භාරගත් හිටපු මැති ඇමතිවරුද, ඔවුන් ලබා ගත් ගිනි අවි නැවත ආරක්ෂක අමාත්‍යංශයට භාරදිය යුතුය. 

නැවත එම ගිනි අවි ඔවුන්ට නිකුත් කරනු ලබන්නේ ආරක්ෂාව පිළිබදව සැබැවින්ම ගැටළුවක් පවතින්නේද යන්න සොයා බැලීමෙන් පසුව පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

සිවිල් පුරවැසියන්ට ලබා දී තිබෙන ආයුධ නැවත කැදවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ, යුක්ති සහගත පදනමකින් තොරව, දේශපාලනඥයන් සහ සිවිල් පුරවැසියන් කීප දෙනෙකු ආයුධ සන්තකයේ තබාගෙන සිටින බවට වාර්තා වීමෙන් පසුව බව පැවසේ.

රජය නියෝග කර ඇති දිනට පෙර අවි ආයුධ භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න