Heading
දේශීය
2024-10-09 2:15 am

"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවයක...!" ෆිච් රේටින් කියයි.

"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවයක...!" ෆිච් රේටින් කියයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවයක පවතින බව ෆිච් රේටින් ආයතනය පවසයි. 

2023 වසරේ පළමු මාස හය ත-ුළ 7.3% කින් හැකිලී ගිය ආර්ථිකය, 2024 වසරේ පළමු මාස හය තුළ දී 5% ක වර්ධනයක් ලබාගෙන තිබේ. 

2024 වසරේ දී ආර්ථිකය සමස්තයක් ලෙස 3.9% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2025-2026 අතර කාලය තුළ 3.6% ඉක්ම වූ වර්ධනයක් අපේක්ෂා කළ හැකි ෆිච් රේටින් ආයතනය පවසයි. 

විදේශ සංචිතද ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්, භාහිර ද්‍රවශීලතා ආතතිය ලිහිල් වී තිබේ. 

බලයට පත් වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජයද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන ඉලක්ක අනුමත කරන බවත්, පසුගිය සැප්තැම්බරයේ, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමග එකග වූ කොන්දේසි මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් සහතික කර තිබේ. 

ඒ අනුව, නව ජනාධිපතිවරයා බලයට පත් වීමත් සමග ඇති වූ  ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඩාල වීමේ “අවධානම” මේ වනවිට ලිහිල් වී ඇති බව ෆිච් රේටින්ග් ආයතනය පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න