Heading
දේශීය
2024-10-11 12:19 pm

ජොන්ස්ටන්ගේ බී.එම්.ඩබ්. මගඩිය..!

ජොන්ස්ටන්ගේ බී.එම්.ඩබ්. මගඩිය..! 

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ දී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවී ය. 

එසේ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලද්දේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙනි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි ඉල්ලීමක් කර තිබුණේ, හිටපු අමාත්‍යවරයා, ලියාපදිංචි නොකළ වාහනයක් වංචාකාරී ලෙස භාවිතා කරමින් සිටින බව තහවුරු වීමෙන් පසුවය. 

මෙම කරුණ අනාවරණය වී ඇත්තේ, කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක වාහන අංගනයක නවතා තිබූ සැක සහිත බී.එම්.ඩබ්. රථයක් පිළිබදව කරන ලද විමර්ශනයකිනි. 

ඩබ්.පී.සී 24- 0430 දරණ අංකය සහිත එම බීඑම්.ඩබ් මෝටර් රථය, දින කිහිපයක සිට අදාල හෝටලයේ වාහන අංගනයේ නවතා තිබී ඇත. 

ඒ පිළිබදව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, අදාල හෝටලයේ ආරක්ෂක කළමණාකරුගෙන් මෝටර් රථය පිළිබදව විමසා තිබේ. 

එහිදී දැනගන්නට ලැබී ඇත්තේ එම හෝටලයේ දීර්ඝ කාලයක සිට නතර වී සිටින ගාමිණී අබේරත්න නමැති පුද්ගලයා ජනාධිපතිවරණයට පෙර දිනයේ දී එකී මෝටර් රථය අදාල වාහන අංගයේ නවතා ඇති බවයි. 

ගාමිණී අබේරත්නගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ අදාල මෝටර් රථය ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් බවයි, ඔහු විසින්, පසුව පැමිණ රැගෙන යන බව කියා එම මෝටර් රථය රියැදුරෙකු අත හෝටලයට එවූ බවයි. 

පසුව විමර්ශන නිළධාරීන් හෝටලයේ සේවිකාවක මාර්ගයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් දී මෝටර් රථයේ යතුර ගෙන්වාගෙන තිබේ. 

වාහනය විවෘත කර බැලීමේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලියකියවිලි කිහිපයක් මෝටර් රථය තුළ තිබී හමු වූ බවත්, නමුත් වාහනයේ ලියාපදිංචියට අදාල කිසිදු තොරත-ුරක් හමු නොවූ බවත්  විමර්ශන නිළධාරීන් පවසයි. 

පසුව විමර්ශන නිළධාරීන් මෙම සැකසහිත මොටර් රථයේ නම්බර් ප්ලේට් අංකය වන ඩබ්.පී.සී. 24-0430 අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් විමසා තිබේ. 

එහිදී අනාවරණය වී ඇත්තේ, එම මෝටර් රථය නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් එකක් බවයි. 

විමර්ශන නිළධාරීන් අදාල පුද්ගලික සමාගමේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මෝටර් රථයේ අංක තහඩුව මීට කලකට පෙර කිසියම් අයෙකු විසින් සොරාගෙන තිබුණු බවයි. 

ඉන් පසුව, සැකකටයුතු මෝටර් රථයේ චැසි අංකය රේගුව හරහා පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එම චැසි අංකයට අදාල මෝටර් රථයක් නීත්‍යනුකූල මාර්ගයකින් ලංකාවට ගෙන්වා නැති බවයි. 

පසුව රජයේ රස පරීක්ෂක හරහා සිදු කරන ලද පරීක්ෂණයකින් මෙම සැක සහිත මෝටර් රථය කොටස් එකලස් කිරීමෙන් සකස් කරන ලද්දක් බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව, බදු නොගෙවා වංචාකාරී ලෙස මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිතා කිරීම සහ සොරකම් කරන ලද අංක තහඩුවක් එකී මෝටර් රථයට සවි කිරීම,

යන වැරදි සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාදු හිටපු අමාත්‍යවරයා චෝදනා එල්ල වී තිබෙන බැවින්,  ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව, අධිකරණය අදාල නියෝගය ලබා දී තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න