Heading
දේශීය
2024-10-11 9:57 am

නීතියට බිය වී අදත් රජයේ වාහනයක් මඟ දමා යයි..!

නීතියට බිය වී අදත් රජයේ වාහනයක් මඟ දමා යයි..! 


රජයේ වාහන යළි රජයට භාර දෙන ලෙසත් එවැනි රථ වාහන පිළිබදව තොරතුරු දන්නේ නම් ඒ පිළිබදව දැනුම් දීම සදහා දුරකථන අංකයක් හදුන්වා දීමත් සමඟ, ඊයේ සහ අද රජයට අයත් වාහන දෙකක් අතර මග දමා ගොස් තිබීමේ පුවත් දෙකක් වාර්තා විය. 

ඊයේ රජයේ නිල ලාංඡනය සහිත රජයට අයත් වාහනයක් හෝමාගම රෝහල් පරිශ්‍රය තුළ දමා ගොස් තිබුණු අතර, අද තවත් රජයට අයත් වාහනයක් බෙලිඅත්තේ පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත. 

බෙලිඅත්තේ දමාගොස් ඇති රජයේ වාහනය භාවිතා කර තිබෙන්නේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකි. 

මෙම උපසභාපතිවරයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාර දී තිබෙන බවද වාර්තා වේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න