Heading
දේශීය
2024-10-16 11:51 am

"පාස්කු විමර්ශනයේ රහස්‍ය වාර්තාව දින හතකින් ප්‍රසිද්ධ කරනවා..!" ගම්මන්පිල කියයි.

"පාස්කු විමර්ශනයේ රහස්‍ය වාර්තාව දින හතකින් ප්‍රසිද්ධ කරනවා..!" ගම්මන්පිල කියයි. 

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනයට අදාල තමන් සත-ුව ඇති රහස්‍ය වාර්තාව දින හතකට පසුව ප්‍රසිද්ධ කරන බව උදයගම්මන්පිල පවසයි. 

තමන් සතුව ඇති මෙම රහස්‍ය වාර්තාව ආණ්ඩුව ද සතු බව මීට පෙර ප්‍රකාශ කළ උදය ගම්මන්පිල, එම රහස්‍ය වාර්තාව හෙළි නොකරන්නේ ඉන් ජනාධිපතිවරයාගේ කීර්තිය බිදී යා හැකි නිසා යැයි තමන් සැක කරන බවද පැවසී ය.

ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මේ පිළිබදව විජිත හේරත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේ ය. 

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, කිසිවෙකු ළග නැති එවැනි රහස්‍ය වාර්තාවක් ඔහු ළඟ තිබේනම්, ගම්මන්පිල කළ යුතුව ඇත්තේ එය රජයට භාර දීම බවයි. 

විජිත හේරත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු දීම සදහා අද උදය ගම්මන්පිල විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණි. 

ඔහු පවසන්නේ, එකී වාර්තාව ජනතාවට හෙළි කරන බවට පොරොන්දු වන්නේ නම් පමණක්, තමන් එම වාර්තාව රජයට භාර දීමට සූදානම් බවයි. එසේ නොවන්නේනම්, තව දින හතකින් තමන් සතු එකී රහස්‍ය වාර්තාව හෙළි කරන බව ද ඔහු පවසයි. 




Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න