Heading
දේශීය
2024-10-29 9:25 am • Views: 45

මාතර ප්‍රබල දේශපාලනඥයෙකු ළඟ තිබුණු ලියාපදිංචි නොකළ කැබ් රථයක් අත්අඩංගුවට ගනී.

මාතර ප්‍රබල දේශපාලනඥයෙකු ළඟ තිබුණු ලියාපදිංචි නොකළ කැබ් රථයක් අත්අඩංගුවට ගනී. 

මාතර පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබී නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම කැබ් රථය, මාතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ ජස්ටින් ගලප්පත්ති නමැති අය විසින් පාවිච්චි කරන ලද එකක් බව පැවසේ. 

ජස්ටින් ගලප්පත්ති මහතා මේ වන විට ජීවතුන් අතර නැත. 

නමුත්, අදාල කැබ් රථය ඔහුගේ පුත්‍රයා විසින් භාවිතා කර තිබේ. 

ඒ අනුව, නීති විරෝධීව එකලස් කර තිබෙන, ලියාපදිංචියකින් තොර අදාල කැබ් රථය පිළිබදව ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න