“ඒ මෝටර් රථය සියදිවි නසාගත් ලේකම්ගේ කිව්වත්, භාවිතා කරලා තියෙන්නේ ලොහාන් රත්වත්තේ..!” පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. සිය බිරිදට අයත් මිරිහාන නිවසේ නවතා තිබුණු ලියාපදිංචියෙන් තොර සුඛෝපභෝගී මෝටර් රථය මෑතක දී සියදිවිනසාගත් තමන්ගේ ලේකම් විසින් එම නිවසට ගෙනැවිත් දැමූ එකක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසූවද, එම මෝටර් රථය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කර ඇති බව විමර්ශනයන්ගෙන් තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙම මෝටර් රථය මෙරට ත-ු-ළ ලියාපදිංචි කළ එකක් නොවන බවත් මෙවැනි මෝටර් රථයක් රට තුළට රැගෙන ආ බවට රේගු වාර්තා නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි. එමෙන්ම, අදාල මෝටර් රථය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහයෝගයක් නොලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා වැඩි දුරටත් සදහන් කරයි. ඒ අනුව, අද දිනයේ දී මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මිරිහාන පොලිස් ස්ථානයට රැගෙන ආ බවද ඔහු හෙළි කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-02 5:52 am
|
Heading |
---|
2025-01-02 5:37 am
|
Heading |
---|
2025-01-02 11:31 am
|
Heading |
---|
2025-01-02 11:13 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|