"මහින්දට ආරක්ෂක නිළධාරින් 243 යි. මෛත්‍රීට 109 යි. ගෝඨාට 200 යි. මට විතරක් 30 ක් ඇයි...? විජය මෙන් මාවත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද..?" හිටපු ජනපතිනිය අසයි. විශ්‍රාමික ජනාධිපතිවරියක ලෙස තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව නොවැම්බර් මස පළමුවැනි දා සිට අඩු කිරීමට නව රජය පියවර ගෙන තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කු-මාරතුංග මහත්මිය පවසයි. විශ්‍රාමික ජනාධිපතිවරු අතරින්, වැඩිම ජීවිත තර්ජනයක් ඇත්තේ තමන්ට බව පවසන හිටපු ජනාධිපතිනිය, දේශපාලන හේතු මත තම සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය කළ පරිදි ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබේදැයි තමන්ට සැක සිතෙන බව ද අවධාරණය කරයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා වෙත යොමු කළ ලිපියක් මගින් ඈ මේ කරුණු අනාවරණය කර සිටියි. එසේම, විශ්‍රාමික අනෙකුත් ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන ආරක්ෂාව පිළිබදවද සිය ලිපියෙන් ඈ කරුණු ගෙනහැර දක්වා තිබේ. ඒ අනුව, මහින්ද රාජපක්ෂට දෙසිය හතලිස් තුන් දෙනෙකුගෙන් යුතු ආරක්ෂක බල ඇණියක් රජය ලබා දී තිබේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට 109 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක බල ඇණියක් සහ ගෝඨාභය රාජපක්ෂට 200 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක බලඇණියක් ලබා දී තිබේ. අනෙකුත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට එතරම් විශාල ආරක්ෂක බල ඇණි ලබා දී තිබියදී තමන්ට ලබා දී තිබුන පනහක බලඇණියද තිහකට අඩු කිරීමට ගෙන තිබෙන තීරණය ඈ දැඩිව ප්‍රශ්න කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|