
පොලිසියේ ලොකු පුටු වෙනස් වෙයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ අපොලිස් අධිකාරී එම්.එම් දෙහිදෙණිය, නුගේගොඩ කොට්ඨාශය භාර නිළධාරියා ලෙස පත් කර තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් නිළධාරිනී අයි.එස්. මුතුමාල මහත්මිය පත්කර තිබේ. ඊට අමතරව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එච්.පී.කේ.එස් පෙරේරා මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. . කොළඹ අපරාධ කොට්ඨාශයට ද නව අධ්‍යක්ෂවරයෙකු පත්කර තිබේ. ඒ, අයි.යූ.කේ.ලොකු හෙට්ටි මහතා ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයද වෙනස් වී ඇති අතර, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවරයා වන්නේ කේ.ඩී. මනතුංග මහතා ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|