
වව්නියාවේ සිවිල් සංවිධාන එක් වී හදිසියේ ධනවත් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබදව තොරතුරු රැස්කරයි..! වව්නියාවේ සිවිල් සංවිධාන රැසක් එකතු වී එම ප්‍රදේශයේ හදිසියේම පොහොසත් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබදව තොරතුරු රැස් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. වව්නියාව ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය නිළධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන් ඉතාම කෙටි කාලයකින් විශ්වාස කළ නොහැකි මට්ටමේ පෝසතුන් බවට පත්ව තිබෙන බව එම සිවිල් සංවිධාන නිරීක්ෂණය කර තිබේ. මෙම රාජ්‍ය නිළධාරීන් මෙසේ පෝසත් වී ඇත්තේ දූෂිත ආකාරයෙන් උපයා ගනු ලබන ධනයෙන් යැයි මෙම සංවිධාන විශ්වාස කරයි. විශේෂයෙන්ම, පොදු ජනතාවගේ ඉඩම් ගැටළු විසදා දීමට කිසිදු උනන්දුවක් නොදක්වන ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඩයස්පෝරාවට සම්බන්ධ අයගේ ඉඩම් ගැටළු දින කිහිපයකින් විසදා දී ඇති බව මෙම සිවිල් සංවිධාන චෝදනා කරයි. නව රජය දූෂණ විරෝධී වැඩපිළිවෙලක් දියත් කර ඇති බැවින්, මෙම රාජ්‍ය නිළධාරීන්ගේ දේපළ පිලිබද වාර්තා ඒවා විමර්ශනය කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට මෙම සිවිල් සංවිධාන කටයුත-ු කරමින් සිටියි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|