Heading
දේශීය
2024-12-10 8:35 am • Views: 604

“ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායක පැහැදිලි කිරීමක් කරාවි.” ඇමති නලින්ද ජයතිස්ස.

“ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායක පැහැදිලි කිරීමක් කරාවි.” ඇමති නලින්ද ජයතිස්ස.

කතානායක අසෝක සපුමල් රන්වල මහතා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාවක් මේ වන විට එල්ල වී තිබේ. 

රන්වල මහතා තමන් ආචාර්ය උපාධි ධාරියෙකු බව පැවසූවද ඔහුට එවැනි ආචාර්ය උපාධියක් තියා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් මූලික උපාධියක් හෝ නැතැයි ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රශ්න කරන පාර්ශ්වයන් සදහන් කරයි. 

මේ සම්බන්ධයෙන් ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විමසා සිටියේ ය. 

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, කතානායකවරයා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි. 

කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය තුළ, කතානායකවරයා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරු ලබා දී ඇතැයි යන අදහස ප්‍රතික්ෂේප කරන ආකාරයක් දක්නට ලැබුණි. 

ඔහුගේ ප්‍රකශයෙන් “හැගී ගියේ”කතානායක අසෝක රන්වල මහතා, වසර හතක පමණ කාලයක් ඔහුගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් කටයුතු කර තිබෙන බවකි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න