"කුකුසක් ඇත්නම්, ඔවුන් උපාධිය ලබාගත් බව කියන විශ්ව විද්‍යාල ඇමතීමෙන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරගන්න පුලුවන්." විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව යම් කුකුසක් කිසිවෙකුට ඇත්නම්, අදාල මන්ත්‍රීවරයා ඔහුගේ උපාධිය ලබා ගත් බව ප්‍රකාශ කරන විශ්ව විද්‍යාලය සම්බන්ධ කර ගැනීම හරහා ඒ බව තහවුරුකරගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කරයි. කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කර තිබෙන ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වන සැකසංකා මතුව තිබේ. ඊයේ දිනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තලතා අත-ුකෝරාල පවසා තිබුණේ, තමන්, අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත් බව කියන ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලය සම්බන්ධකරගත් බවත්, අශෝක රන්වල මහතා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු-ව සිටි බව එම විශ්ව විද්‍යාලය ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නුදුරේදීම ප්‍රකාශයක් කරන බව කතානායක අශෝක රන්වල මහතා ඊයේ දිනයේ දී පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රකාශ කර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|