Heading
දේශීය
2024-12-16 8:26 am • Views: 381

"අනුරගේ ආණ්ඩුව වැඩියෙන් ණය අරන්ද..?"

"අනුරගේ ආණ්ඩුව වැඩියෙන් ණය අරන්ද..?" මේ වසර සදහා රනිල් ගන්න හිටිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3670 ක්.  වසර අවසන් වන විට අනුර ගන්න යන ණය ප්‍රමාණය රුපියල් බිලිය 3515.

නව රජය බලයට පත් වීමෙන් පසුව, රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙමින් පවතී. 

රජය විවේචනය කරන ඇතැම් පිරිස් පවසන්නේ, රජය අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටින බවකි. 

මේ පිළිබදව ෆැක්ට් චෙක් ආයතනය සොයා බැලීමක් සිදුකර තිබේ. 

ඒ අනුව, 2024 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 3670 කි. 

නමුත්, සැප්තැම්බර් මාසය දක්වා රජය ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 1903 කි. 

ඒ අනුව, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා තවත් රුපියල් බිලියන 1766 ක මුදල් ප්‍රමාණයක් රජයට ණය විය හැකි ය. 

නමුත්, එම කාලය තුළ එකී රුපියල් බිලියන 1766 ක මුදල ණයට ගැනීමට රජයට අවශ්‍ය නොවේ. රජයට තවත් අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 1612 ක් පමණි. 

ඒ අනුව, වත්මන් රජය සීමාව ඉක්මවා ණය ගනිමින් සිටිනවා යන්න පදනම් විරහිත චෝදනාවක් බව ෆැක්ට් චෙක් ආයතනය නිවේදනය කරයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න