“නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න බෑ..!” ලක්ෂ්මන් නිපුනආරච්චි. නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය විසින් කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ අදහස වී ඇත්තේ, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බවයි. ඊට හේතුව, යම් විෂයක් සම්බන්ධයෙන් වගකිව යුත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයා නොව; එම විෂය භාර අමාත්‍යවරයා වීම හේතුවෙනි. විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන අතර, එම විෂය භාර අමාත්‍ය වරයා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේශපාලන සංවාදයකට සහභාගී වෙමින්, ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ලක්ෂ්ම්න නිපුණආරංචි මහතා මේ කාරණය දැඩිව අවධාරණය කළ අතර, ඔහු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව සජිත් ප්‍රේමදාස නොදැන සිටීම සරදමට ද ලක් කළේ ය. මෙම දේශපාලන සංවාදයට සජබය වෙනුවෙන් සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසා සිටියේ, විශ්වාස භංගය ගෙන ඒම සජිත් ගේ වැඩක් නොවන බවයි. එය විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව ගෙන එන යෝජනාවක් බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-16 12:57 pm
|
Heading |
---|
2025-08-16 8:13 am
|
Heading |
---|
2025-08-14 3:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|