Heading
දේශීය
2025-08-16 8:13 am • Views: 230

වසරේ මුල් මාස හය තුළ කුළුබඩු අපනයනයෙන් උපයා ඇති ආදායම 29.64 කින් ඉහළට.

වසරේ මුල් මාස හය තුළ කුළුබඩු අපනයනයෙන් උපයා ඇති ආදායම 29.64 කින් ඉහළට.

වසරේ මුල් මාස හය තුළ කුළුබඩු අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 208.53 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සලකා බැලීමේ දී 29.64 ක වර්ධනයකි. 

කුරුදු අපනයනයෙන් උපයා ඇති ආදායම 25.1 කින්, ගම්මිරිස් අපනයනයෙන් උපයා ඇති ආදායම  26.86% කින් සහ කරාබුනැටි අපනයනයෙන් උපයා තිබෙන ආදායම 277.67% කින් ඉහළ යාම මේ තත්ත්වයට හේතුවයි. 

වසරේ මුල් මාස හය තුළ කුරුදු අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 95.3 ක් උපයා ඇති බව වාර්තා වේ. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ උපයා තිබුණු ඩොලර් මිලියන 76.24 ට සාපේක්ෂව 25% ක වර්ධනයකි. 

ගෝලීය කුරුදු සැපයුමෙන් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න