Heading
දේශීය
2024-12-25 5:28 am • Views: 432

මේ වසරේ විසි ලක්ෂය වෙනි සංචාරකයා හෙට දිවයිනට පැමිණෙයි..!

මේ වසරේ විසි ලක්ෂය වෙනි සංචාරකයා හෙට දිවයිනට පැමිණෙයි..!

මේ වසර තුළ දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව හෙට දිනයේ දී ලක්ෂ 20 සීමාව ඉක්මවා යෑමට නියමිත ය. 

එය මෙරට සංචාරක කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. 

ඒ අනුව, හෙට දිනයේ පැමිණෙන විසි ලක්ෂය වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සූදානමින් සිටියි. 

2018 වසරට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර මේ වසරයි. 

වසර අවසන් වන විට සංචාරකයන් මිලියන 2.1 ක් දිවයිනට පැමිණෙනු ඇති බවත්, ඩොලර් බිලියන තුන ඉක්මවූ ආදායමක් කර්මාන්තයෙන් උපයාගත හැකි වෙනු ඇති බවත් අපේක්ෂිතය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න