Heading
දේශීය
2024-12-26 1:35 am • Views: 167

විසි ලක්ෂය වැනි සංචාරකයා දිවයිනට පා තබයි...!

විසි ලක්ෂය වැනි සංචාරකයා දිවයිනට පා තබයි...!

මෙම වසර තුළ දිවයිනට පැමිණි විසි ලක්ෂය වැනි සංචාරකයා අද දිනයේ දී දිවයිනට පා තැබූ බව වාර්තා වේ. 

අදාල සංචාරකයා බැංකොක් සිට පැමිණි අයෙකි. ඔහු උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට ගුවන්තොටුපල කාර්යමණ්ඩලය පියවර ගෙන තිබුණු බව වාර්තා වේ. 

මීට වසරක් තු-ළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ විස්ස සීමාව ඉක්මවා තිබුණේ අවස්ථා තුනක දී පමණි. ඒ, 2016, 2017 සහ 2018 යන වසරවලදී පමණි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයක් සංචාරක කර්මාන්තය මුලුමනින්ම අඩපනකර දැමූ අතර, මේ වන විට එහි විශාල පිබිදීමක් දක්නට ලැබේ. 

2025 වසරේ දී සංචාරකයන් මිලියන තුනක් දිවයිනට ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න