Heading
දේශීය
2024-12-28 8:56 am • Views: 427

"ආර්ථිකය කඩා වැටෙයි කියා සිතන පිරිස 6% සිට 3% දක්වා පහතට...!" එල්.එම්.ඩී වාර්තා කරයි.

"ආර්ථිකය කඩා වැටෙයි කියා සිතන පිරිස 6% සිට 3% දක්වා පහතට...!" එල්.එම්.ඩී වාර්තා කරයි. 

ආර්ථිකය මේ තිබෙන තත්ත්වයෙන් පහතට කඩා වැටී රට වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙයි කියා සිතන කණ්ඩායම නොවැම්බර් මාසයේ දී 6% සිට 3% දක්වා පහත වැටී ඇති බව, ප්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන එල්.එම්.ඩී විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 

අදාල සමීක්ෂණයේ නොවැම්බර් ප්‍රතිඵල පෙන්නුම් කරන ආකාරයට, ජනතාවගෙන් 41% ක් ඉදිරි වසර තුළදී ආර්ථිකය සුබවාදීව වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, 56% ක් ආර්ථිකය මේ පවතින තත්ත්වයෙන්ම පවතිනු ඇතැයි විශ්වාස කරති. 

රටේ ආර්ථිකය ඉදිරි වසර තුළ දී වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි විශ්වාස කරන්නේ ජනතාවගෙන් 3% ක් පමණි. 

මීට පෙර නිකුත් වු සමීක්ෂණ වාර්තාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කළ පිරිස 6% ක් වූ අතර, නවතම සමීක්ෂණයෙන් එම ප්‍රමාණය 6% සිට 3% දක්වා පහත වැටී ඇති බව පෙන්නුම් කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න