Heading
දේශීය
2024-12-30 9:26 am • Views: 1025

"බැංකු දෙකට පොලු තියපු මැති ඇමතිලා කවුද..?" නම් ලයිස්තුව ඉල්ලති.

"බැංකු දෙකට පොලු තියපු මැති ඇමතිලා කවුද..?" නම් ලයිස්තුව ඉල්ලති. 

1994 වසරේ සිට මේ දක්වා, ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙන් සහන පොලී ණය ලබා ගත් මැති ඇමතිවරුන්ගේ විස්තර ඉල්ලා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි සහ බරපතල වංචා හා දූෂණ වැලැක්වීමේ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල්ද සිල්වා මහතා අද මුදල් අමාත්‍යංශයට යන බව වාර්තා වේ. 

ඔවුන් මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ය. 

අදාල කාල සීමාව තුළ සහන පොලියට රුපියල් ලක්ෂ පනහත් ලක්ෂ සියයත් අතර ණය ලබා ගත් මැති ඇමතිවරු විශාල පිරිසක් එම ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති බව ඔවුන්ට දැන ගන්නට ලැබී ඇතැයි, සුසන්ත ලියනආරච්චි සහ ලැසිල්ද සිල්වා යන මහත්වරු පවසති. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න