Heading
දේශීය
2024-12-31 10:16 am • Views: 484

අධිකරණ ඇමතිගේ නමට ආචාර්ය පට්ටමක් එල්ලීම; පාර්ලිමේන්තුවේ තවත් 3 ක් සී.අයි.ඩීයට කැදවයි.

අධිකරණ ඇමතිගේ නමට ආචාර්ය පට්ටමක් එල්ලීම; පාර්ලිමේන්තුවේ තවත් 3 ක් සී.අයි.ඩීයට කැදවයි. 

අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් “ආචාර්ය” පට්ටමක් ඈදීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් නිළධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. 

අධිකරණ අමාත්‍යවරයාගේ නම “ආචාර්ය හර්ෂණ නානායක්කාර” ලෙස සදහන් කිරීම සභානායක කාර්යාලය මගින් සිදු කර තිබෙන බව ඒ පිළිබදව ප්‍රකාශයක් දීම සදහා මීට පෙර කැදවා තිබුණු නිළධාරියා අනාවරණය කර තිබුණි. 

ඒ අනුව, සභානායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිළධාරීන් තිදෙනෙකු ඉදිරියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න