ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීම; "ඒ අනීතික නියෝගය දුන්නේ මගේ ලොක්කා. දැන් මට පඩියත් නෑ. විශ්‍රාම වැටුපත් නෑ." ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම්ද සිල්වා. වැලිගම පිහිටි ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීම සදහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කරන ලද්දේ, කොළඹ අපරාධ කොට්ඨාශය භාරවය සිටි, සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා විසින් බව, එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක, ඇන්ස්ලම් ද සිල්වා පවසයි. ඔහු මේ බව හෙළි කරන ලද්දේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය බලය අවභාවිතා කර තිබේදැයි සොයා බැලීම සදහා පත් කර තිබෙන පර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා පවසන ආකාරයට, ඩබ්.ෆිෆ්ටීන් හෝටලය තුළ පාතාලයට සම්බන්ධ පිරිසක් සාදායක් පවත්වමින් සිටින බවත්, එබැවින්, එහි ගොස්, හෝටලයේ නාමපුවරුවට වෙඩි තබා පැමිණෙන ලෙසත්, සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා ඔහුට නියෝග කර තිබේ. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම පිළිබදව වැලිගම පොලිස් ස්ථානය ඇතුළු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බවද, පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වාට සහතික කර තිබේ. නමුත් එවැන්නක් සිදුව තිබුනේ නැත. මෙම වෙඩි තැබීම සිදුවන අතර තුර, හෝටලය දෙසින්ද තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව, සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වාගේ උපදෙස් පරිදි අධිකරණය හමුවේ වාර්තා කිරීමට තමන්ට සිද්ධ වූ බවද ඇන්ස්ලම්ද සිල්වා පවසයි. අධිකරණය හමුවේ එසේ පැවසූවද, සිද්ධිය සම්බන්ධයෙන් සත්‍යය විස්තරය තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙලි කළ බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි. තමා මේ වන විට වැඩ තහනමකට ලක්ව, විශ්‍රාම වැටුප පවා අහෝසි වී යාමේ තත්ත්වයක සිටින බව පවසන ඇන්ස්ලම් ද සිල්වා, එසේ වීමට හේතුව ඉහළ නිළධාරීන්ගේ අනීතික නියෝග නිසි විමසීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට යාම බවද පවසයි. ඒ අනුව, ඔහු අනෙකුත් පොලිස් නිළධාරීන්ට උපදෙස් දෙන්නේ, ඉහළ නිළධාරීන්ගේ අනීතික නියෝග පිළිගන්නවාට වඩා, ස්ථානමාරුවක් ලබා ඉවත්ව යාම වඩාත් හොද බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-12 11:32 am
|
Heading |
---|
2025-06-11 6:23 am
|
Heading |
---|
2025-06-11 11:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|