Heading
දේශීය
2025-06-12 10:28 am • Views: 605

"මාලිමා මන්ත්‍රී පොලිස් නිළධාරියෙකුට බැණ තර්ජනය කළාද..?" සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ඇරඹූ බව පොලිසිය කියයි.

"මාලිමා මන්ත්‍රී පොලිස් නිළධාරියෙකුට බැණ තර්ජනය කළාද..?" සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ඇරඹූ බව පොලිසිය කියයි. 

කසිප්පු ජාවාරම් කරුවකුට එරෙහිව නඩු පැවරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්, ආණ්ඩු පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ, වැලිපැන්න පොලිසියේ නිළධාරියෙකුට බැණ තර්ජනය කළ බවට වන ප්‍රවෘත්තියක් ඊයේ දිනයේ දී වාර්තා විය. 

අදාල මන්ත්‍රීවරයා තමාට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත්, ඉන් නොනැවතී, වව්නියාවට මාරු කරන බවට තර්ජනය කළ බවත් පොලිස් නි්ළධාරියා ඔහුගේ පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඔයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටි අතර,  සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ද මේ වන විට අරඹා ඇති බව පොලිසිය ද පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න