Heading
දේශීය
2025-06-14 10:16 am • Views: 527

බන්ධනාගාර ක්ලීන් කිරීම ඉහලින් පටන් ගනී...! බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව පූර්ණ විමර්ශනයක් අරඹයි.

බන්ධනාගාර ක්ලීන් කිරීම ඉහලින් පටන් ගනී...! බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව පූර්ණ විමර්ශනයක් අරඹයි. 

දිවයිනේ සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන ඉහළ ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව පූර්ණ විමර්ශනයක් මේ වන විට අරඹා ඇති බව වාර්තා වේ. 

මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. 

බන්ධනාගාරවල ඉහළ නිළධාරින් ඔවුන්ගේ සියළු වත්කම්, ඔවුන් එම ඉහළ පුටු සදහා පත්වීමට පෙර ලබා දිය යුතු අතර, එසේ ප්‍රකාශ කරන ලද වත්කම් වලට වඩා වැඩි වත්කම් මේ වන විට උපයා ඇත්නම් එම වත්කම් උපයා ගත් ආකාරය ඔවුන් විසින් 

හෙළි කළ යුතුව තිබේ. 

එසේම පාතාලය සමඟ සබදතා පවත්වන බන්ධනාගාර නිළධාරීන් පිළිබදවද මීට සමගාමීව විමර්ශනයක් සිදු කිරීමට නියමිත ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම විමර්ශන දැනටමත් අරඹා ඇති බව තහවුරු කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න