Heading
දේශීය
2025-06-18 8:41 am • Views: 1652

රෝහලේ ශල්‍ය ද්‍රව්‍ය නැති බව කියමින් රෝගීන් සූරා කාලා..!ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී..!

රෝහලේ ශල්‍ය ද්‍රව්‍ය නැති බව කියමින් රෝගීන් සූරා කාලා..!ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී..!  

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන මහේෂී විජේරත්න යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබේ. 

ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනාවයි. 

අදාල ශල්‍ය උපකරණ, රෝහලට මිල දී ගැනීම සදහා වාර්ෂික ප්‍රසම්පාදන ඇස්තමේන්තුවලට ඇතුළත් කිරීම මෙම විශේෂඥ වෛද්‍යවරිය හිතාමතාම මගහැර තිබෙන්නේ එමගින් රෝගීන් සූරාකෑමේ අවස්ථාව උදාකර ගනු සදහා ය. 

ඒ අනුව, රෝහල මගින් මිලදී ගත්තානම් රුපියල් 17,500 ක් පමණ වන ශල්‍ය ද්‍රව්‍ය, විශේෂඥ වෛද්‍යවරිය විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයෙන් මිලදී ගැනීම සදහා එක් රෝගියෙකු රුපියල් 125,000 ත් 250,000 ත් අතර මුදලක් වැය කර තිබේ. 

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මෙම දූෂිත ශල්‍ය වෛද්‍යවරියට එරෙහිව මීට පෙරද චෝදනා කිහිපයක් එල්ල වී තිබේ. 

ඉන් එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබීමේ සිද්ධියේදී, දුමින්ද සිල්වාට ද වෙඩි වැදී ඇති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමයි. 

එමෙන්ම, කිසියම් උත්සවයක දී තවත් කාන්තාවකට පහර දී තිබෙන බවටද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න