Heading
දේශීය
2025-06-24 8:27 am • Views: 1910

"ජොන්ස්ටන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තරමේ කොන්දේ අමාරුවක්..!" ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දුන් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස අධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්..!

"ජොන්ස්ටන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තරමේ කොන්දේ අමාරුවක්..!" ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දුන් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස අධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්..!

අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තරමේ කොන්දේ අමාරුවකින්, හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙළෙන් බවට වන ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් ලබා දුන් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස, කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය, වෛද්‍ය සභාවට නියෝග කර තිබේ. 

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සේවය කරන අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන්, එම රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලකට අනුව දැනටමත් විමර්ශන සිදුවන බව වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැනුම් දී තිබේ. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය මග හැර ඇත්තේ, සතොස සේවකයන් ඔවුන්ට නියමිත රාජකාරීවලින් මුදවා, මැතිවරණ ව්‍යාපාරයකට සම්බන්ධ කිරීම හරහා රජයට මූල්‍ය අලාභයක් සිදුකර තිබෙන බවට වන චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබෙන නඩුවකට අදාලවයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න