
"2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඉහළ යෑම 90% ක්..!" ආයෝජන මණ්ඩලය තහවුරු කරයි.  පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඉහළ යාම 90% ක් බව ආයෝජන මණ්ඩලය තහවුරු කර තිබේ.  2024 වසරේ පළමු කාර්තුවේ දී සෘජු විදේශ ආයෝජන ලෙස රටට ලැබී තිබුණේ ඩොලර් මිලියන 107 ක ආයෝජන පමණි. නමුත් මේ වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 203 ක ආයෝජන රටට ලැබී තිබේ.  2025 වසරේ ජූනි වන විට, හරිත ක්ෂේත්‍ර ව්‍යාපෘති 40 ක් සහ පවතින ව්‍යාපෘති වැඩි දියුණු කිරීම සදහා වූ යෝජනා 39 ක් ඇතුළුව ආයෝජන යෝජනා 79 ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.  මෙම ආයෝජනවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4,669 ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 3,899 ක් විදේශ ආයෝජන ලෙසත් අනෙක් ඩොලර් මිලියන 770 දේශීය ආයෝජන ලෙසත් ලැබීමට නියමිත ය.  මෙය 2024 වසරේ අනුරූප කාලසීමාව තුළ ඉදිරිපත් වූ ආයෝජන යෝජනා හා සැසදීමේ දී 18% ක වැඩිවීමකි.  නව ආයෝජන යෝජනා, කැනඩාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, චෙක් ජනරජය, ඕස්ටේ්‍රලියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවලින් ලැබී තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |