Heading
දේශීය
2025-06-26 10:18 am • Views: 768

“ශ්‍රී ලංකාවේ සමබර ප්‍රවේශය අපි අගය කරමු." මෙරට ඉරාන තානාපති කියයි.

“ශ්‍රී ලංකාවේ සමබර ප්‍රවේශය අපි අගය කරමු." මෙරට ඉරාන තානාපති කියයි. 

ඊශ්‍රායලය සහ ඉරානය අතර නිර්මාණය වූ යුද වාතාවරණයේ දී ඊශ්‍රායල ආක්‍රමණය හෙලා දකිමින් සෘජුව ඊට විරෝධය පෑමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙරට ඉරාන තානාපති, අලිරෙන්සා දෙල්කෝෂ් ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි. 

ඒ කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකදී ය. 

එම අවස්ථාවේ දී තානාපතිවරයා පවසා ඇත්තේ, ආක්‍රමණය හෙළා දකින ලෙස ඉරානය නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා නැති බවයි. 

ලංකාව සහ ඉරානය අතර සම්බන්ධය ඉතා යහපත් එකක් බව පවසා තිබෙන ඉරාන තානාපතිවරයා, ඒ තත්ත්වය යටතේ, ලංකාව වඩාත් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින බව තේරුම් ගැනීම අපහසු නොවන බව ද පවසයි. 

ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර අවස්ථාවලදීත් ඉරානයට සහාය දක්වා ඇති බව සිහිකරන ඉරාන තානාපතිවරයා, සියළු ජාතීන් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරන බවද පවසයි. 

එසේම, ශ්‍රී ලංකාව තම සබදතා අනතුරේ හෙලා ගත යුතු නැති බවද ඔහු අවධාරණය කරයි. 

ගැටුම් ඇති වූ පාර්ශ්ව සාකච්ඡා සදහා වහා එළැඹිය යුතු බවට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ඉරානය සාදරයෙන් පිළිගන්නා බවද මෙරට ඉරාන තානාපතිවරයා වැඩිදුරටත් පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න