Heading
දේශීය
2025-06-29 7:34 am • Views: 848

"ශිරන්ති අත්තඩංගුවට ගැනීම වළක්වා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනපති මහින්ද, මහනායක හිමියන් යදියි..!" -එය ව්‍යාජ ප්‍රවෘත්තියක්- නාමල් කියයි.

"ශිරන්ති අත්තඩංගුවට ගැනීම වළක්වා දෙන ලෙස ඉල්ලමින්  හිටපු ජනපති මහින්ද, මහනායක හිමියන් යදියි..!"  -එය ව්‍යාජ ප්‍රවෘත්තියක්- නාමල් කියයි. 


ශිරන්ති රාජපක්ෂ අත්අඩංගු-වට ගැනීමේ සූදානමක් පවතින බවත්, වහා මැදිහත් වී එය වළක්වන ලෙසත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මල්වතු අස්ගිරි මහනාහිමියන්ගෙන් ඉල්ලා ඇති බවට වන ප්‍රවෘත්තියක් ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙයි. 

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කර තිබුනේ, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසිනි. 

කෙසේ වෙතත්, මෙම ප්‍රවෘතියේ කිසිදු සත්‍යතාවයක් නැතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. 

බලයට පත්ව පළමු වසර සම්පූර්ණ කිරීමට නියමිත නව රජය, ජනතාවට දුන් පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා, මෙවැනි ව්‍යාජ පුවත් පතුරුවා හරින බව නාමල් රාජපක්ෂ පවසයි. 

අළුතින්ම පතුරුවා හැර තිබෙන මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් නොව, මහනායකහිමියන්ටද කරන ලද අපහාසයක් බව නාමල් වැඩිදුරටත් පවසයි.

තමන් සහ තම පවුලේ සෙසු සාමාජිකයන් විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකර, සෑම නීති කෘත්‍යයකටම නොබියව මුහුණ දී ඇති බව පවසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ව්‍යාජ ප්‍රවෘත්ති මවා ජනතාව නොමග නොයවා, රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට කාලය පැමිණ තිබෙන බව සිහිපත් කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න