Heading
දේශීය
2025-06-30 8:25 am • Views: 211

ජූලි තුන්වන සතියේ දී ජනපති අනුර මාලදිවයිනට..!

ජූලි තුන්වන සතියේ දී ජනපති අනුර මාලදිවයිනට..!

ජූලි මාසයේ තුන්වන සතියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. 

මෙය, ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, ජනාධිපතිවරයා සිදු කරන සයවන විදේශ සංචාරයයි. 

ජූලි විසි හය වන දා මාලදිවයින සිය නිදහස් දිනය සමරන අතර, ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍යතාන්ත්‍රික සබදා සැමරුම ජූලි 29 වන දාට යෙදී තිබේ. 

ජනාධිපතිවරයා ගේ මාලදිවයින් සංචාරය තුළ, දෙරට අතර,  ද්වීපාර්ශ්වික වෙළදාම, කලාපීය සහයෝගීතාවය සහ ආර්ථික සබදතා වර්ධනය කිරීමට අදාල සාකච්ඡා සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න