"ඇලෝසියස්ගෙන් මුදල් ගත් දේශපාලනඥයන් 10ක්." සී.අයි.ඩීය විමර්ශන අරඹයි. බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පැවසෙන හිටපු සහ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු දස දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්න්තු-ව යළි විමර්ශන අරඹා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කරන ලද්දේ ශානි අබේසේකර මහතා විසිනි. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බව ශානී අබේසේකර අනාවරණය කරගෙන තිබුණි. එසේ මුදල් ලබාගෙන තිබුණු එක් අයෙකු වූවේ සුජීව සේමසිංහ යි. සුජීව සේමසිංහ පිළිබදව සිදු කරමින් පැවති විමර්ශන නවතා දමන ලෙස, පාර්ශ්ව රැසකින් තමන්ට බලපෑම් එල්ල වූ බව ශානි අබේසේකර පසුකලෙක පවසා තිබුණු. එසේ ඔහුට බලපෑම් කළ එක් අයෙකු වී තිබුණේ, එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහයි. ශානි අබේසේකර දැන් නැවතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටියි. අතර මඟ නවතා දැමීමට සිදු වූ බැදුම්කර වංචාවට අදාල විමර්ශන මේ වන විට ඔහු යළි ආරම්භ කර ඇති අතර, ඒ අනුව, මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබා ගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශන යළි සිදුවන බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-04 9:00 am
|
Heading |
---|
2025-07-03 8:35 am
|
Heading |
---|
2025-07-02 9:19 am
|
Heading |
---|
2025-07-01 10:11 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|