Heading
දේශීය
2025-07-13 11:03 am • Views: 521

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන සෙවීමට ජනාධිපති කොමිසමක්..!

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන සෙවීමට ජනාධිපති කොමිසමක්..!

මෙරට ඉතිහාසය තුළ සිදු වූ වඩාත්ම ව්‍යසනකාරී සමුද්‍ර දූෂණ සිදු වීම ලෙස සැලකියි හැකි 2021 වසරේ සිදු වූ එක්සප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා “ජනාධිපති කොමිසමක්” පත් කිරීමට රජය තීරණය කර තිබේ. 

රජයේ මෙම තීරණය, එක්ස්ප්‍රස් ඛේදවාචකයෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබදව එම ඛේදවාචකය සිදු වූ 2021 වසරේ සිටම සාකච්ඡා කළ පරිසර සංවිධානවල පැසසුමට ලක්ව තිබේ. 

මෙම ඛේදවාචකය වටා දැවැන්ත දූෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වූ බව එවකට වාර්තා විය. 

ඒ සම්බන්ධයේන පාර්ශ්ව රැසකට චෝදනා එල්ල වී තිබේ. 

ගිනි ගැනීමට ලක් වූ නැව මෙරට මුහුදු සීමාවෙන් පිටතට රැගෙන යාමට අවසර දීම සම්බන්ධයෙන්, නාලක ගොඩහේවාට චෝදනා එල්ල වූ අතර, නාලක ගොඩහේවා පවසා තිබුණේ ඊට අවසර ලබා දීම තමා විසින් නොව, එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිදු කළ බවයි. 

එමෙන්ම, මෙම පරිසර හානියට වගකිව යුතු නැව් සමාගම බේරා ගැනීම සදහා කිසියම් පාර්ශ්වයක් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගෙන ඇති බව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ දී ත් ඉන් පිටතදීත් චෝදනා කළේ ය. 

කිසියම් පාර්ශ්වයක් වෙත එසේ චෝදනා එල්ල කළ එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුව, අදාල නෞකාව අයත් සමාගමෙන් ඩොලර් බිලියන 6.4 ක වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයක නඩු පවරා ඇති බවද පැවසී ය. 

නමුත් ඛේදවාචකය සිදු වී වසර පහකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත්, ඩොලර් බිලයන 6.4 ක වන්දියක් රටට ලැබී නැත. 

එමෙන්ම, මෙරට මුහුදු සීමාව තුළ සිදු වූ ඛේදවාචකයක් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පූරු මහාධිකරණයක නඩු පැවරීම සම්බන්ධයෙන්, විජේදාස රාජපක්ෂට එරෙහිව ද චෝදනා එල්ල විය. 

මේ සම්බන්ධයෙන් 2023 මැයි මාසයේ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවති අතර, එහිදී එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගැනීම් සිදු වූ අතර, සෑම දෙනාගේම පොදු අදහස වී තිබුණේ, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් යම් කිසි පාර්ශ්වයක් අනිසි ලාභ ලබාගෙන ඇති බවයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න