Heading
දේශපාලන
2024-07-03 3:51 am • Views: 70

"යූ.ඇන්.පීයෙන් ඉවත් වී පොහොට්ටුවට ආවොත් පමණක් රනිල්ට අපේක්ෂකත්වය දෙනවා"

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ නම් පමණක්, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට පොහොට්ටු පක්ෂයේ ජනාධිපති දූර අපේක්ෂකත්වය ලබා දිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.


එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව පවසා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටු පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද සාගර කාරියවසම් පවසයි.

ඒ නමුත්, නිසැක වශයෙන්ම, ජනාධිපතිවරණය සදහා පොහොට්ටු පක්ෂයේ ඡන්ද ලකුණින් අපේක්ෂකයෙක-ු ඉදිරිපත් කරන බව පවසා ඇති සාගර කාරියසම්, නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට සහාය දීමක් පොහොට්ටු පක්ෂයෙන් සිද්ධ නොවන බවද තහවුරු කර තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න