Heading
දේශපාලන
2024-08-12 8:20 am

සුදර්ශනී සජිත්ට. විමලවීර රනිල්ට. චන්ද්‍රිකා කාටවත් නෑ.

සුදර්ශනී සජිත්ට. විමලවීර රනිල්ට. චන්ද්‍රිකා කාටවත් නෑ. 


ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් කිසිවකුට සහාය නොදක්වා සිටීමට තීරණය කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා තිබේ. 

අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් හමු වූ අවස්ථාවක දී ඈ මේ බව පවසා ඇතැයි වාර්තා වේ. 

මෙම හමුවට පැමිණ සිටි බහුතරයක්, ඉදිරි ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විය යුතු යැයි යෝජනා කර ඇතත්, හිටපු ජනාධිපතිනිය එම යෝජනාවද ප්‍රතික්ෂේප කරමින්, තමන් මෙවර කිසිවකුට සහාය නොදක්ව බව පවසා තිබේ. 

මේ අතර, පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටත්, එම පක්ෂයේ ම විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් තීරණය කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න