ස්ථායීකරණයේ සිට
තිරසර වර්ධනයක් කරා
රට රැගෙන යාමට
ජාත්යන්තර මූල්ය සංස්ථාවෙන්
ඩොලර් මිලියන 166 ක
ආයෝජනයක්.
ලෝක බැංකුවට අනුබද්ධ මූල්ය ආයතනයක් වන ජාත්යන්තර මූල්ය සංස්ථාව විසින්, රට ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසර වර්ධනයක් කරා රැගෙන යාමට සහාය වනු පිණිස ඩොලර් මිලියන 166 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කුඩා හා මධ්යම පරිමාණ ව්යවසායන් සදහා මූල්ය ප්රවේශය පුළුල් කිරීම මෙම ආයෝජනයේ අරමුණයි.
ඒ අනුව, කාන්තා ව්යවසායිකාවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්යාපාර සහ කෘෂි ක්ෂේත්රයේ ව්යාපාර අංශ පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින්, ඔවුන්ට මූල්ය පහසුකම් සැලසීමට ජාත්යන්තර මූල්ය සංසථාව කටයුතු කරනු ඇති.
ජාත්යන්තර මූල්ය සංස්ථාව මෙම ආයෝජනය සිදු කරනු ලබන්නේ නේෂන්ස් ට්රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව යන පෞද්ගලික බැංකු ද සම්බන්ධ කර ගනිමිනි.