Heading
දේශීය
2026-01-26 10:20 am • Views: 9

බහාලුම් නිශ්කාශනය වේගවත් කරයි. රේගුව, ජනවාරි මාසයේ ආදායම් ඉලක්කය දින 22 කින් උපයා පෙන්වයි.

බහාලුම් නිශ්කාශනය වේගවත් කරයි.
රේගුව, ජනවාරි මාසයේ ආදායම් ඉලක්කය
දින 22 කින් උපයා පෙන්වයි.
ජනවාරි මාසය සදහා වූ රුපියල් බිලියන 160.2 ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ජනවාරි 22 වන දා වන විට, රුපියල් බිලියන 175.4 ක ආදායමක් ඉපැයීමට රේගුවට හැකි වී තිබේ.
දෙසැම්බර් මාසයේ දී බහාලුම් නිශ්කාශනය වේගවත් කිරීමට රේගුව පියවර ගෙන තිබුණු අතර, ආදායම් ඉලක්ක අභිබවා යාමට හැකිව තිබෙන්නේ ඒ හේතුව මත බව වාර්තා වේ.
2025 වසරේ දී රේගුව රුපියල් බිලියන 2,551 ක් ඉපයා තිබුණි. එය එදා මෙදා තුර රේගු ඉතිහාසයේ රේගුව උපයා ඇති ඉහළම ආදායමයි.
2026 වසරේ දී රුපියල් බිලියන දෙදහස් දෙසීයක ආදායමක් ඉපැයීමට රේගුව අපේක්ෂා කරයි.
2025 වසරට සාපේක්ෂව 2026 වසරේ ආදායම් ඉලක්ක අඩු වී ඇති අතර, ඊට හේත-ුව, වාහන ආනයනයෙන් පසුගිය වසර මෙන් දැවැන්ත ආදායමක් නොලැබෙනු ඇති බවට වන පුරෝකථනයයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න