2025 සෘජු විදේශ ආයෝජන
ඩොලර් බිලියනය ඉක්මවයි..!
2024 හා සැසදීමේ දී 72% ක වර්ධනයක්.
2025 වසරේ දී සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යාමට හැකි වූ බව ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.
2025 වසර සදහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඩොලර් මිලියන 1057 ක් වන අතර, එය, 2024 වසරේ ලැබුණු සෘජු විදේශ ආයෝජන හා සැසදීමේ දී 72% ක වර්ධනයකි.
2025 වසර තුළ සමාගම් 189 ක් සෘජු විදේශ ආයෝජන ගෙනැවිත් තිබෙන අතර, ඉන් සමාගම් 26 ක්, 2025 වසර තුළ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වූ සමාගම් ය.
මෙසේ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් ගෙනැවිත් තිබෙන ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 134 කි.
එය වසර සදහා පැමිණි මුළු සෘජු විදේශ ආයෝජන ප්රමාණයෙන් 13% කි.
ඉතිරි ඩොලර් මිලියන 923 පවතින ආයෝජකයන්ගේ ව්යාපෘති පුළුල් කිරීම හරහා ලැබී තිබේ.