Heading
දේශපාලන
2024-08-25 8:49 am

ද්‍රවිඩ ජාතික සන්ධානය, කිසිදු අපේක්ෂකයෙකු සහාය නො දී - සුදුසු අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නැයි සිය ප්‍රජාවෙන් ඉල්ලීමට යයි..?

ද්‍රවිඩ ජාතික සන්ධානය, කිසිදු අපේක්ෂකයෙකු සහාය නො දී - සුදුසු අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නැයි සිය ප්‍රජාවෙන් ඉල්ලීමට යයි..?


ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සන්ධානයේ සහාය කවර පාර්ශ්වයකට ලබා දෙන්නේද යන්න පිළිබදව ද්‍රවිඩ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැත. 

එම සන්ධානයේ ප්‍රධානියෙකු වන එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසා තිබුණේ, ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී සිටින අපේක්ෂයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමෙන් පසුව, සහාය දෙන අපේක්ෂකයා තීරණය කරන බවයි. 

ඒ අතර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභිකයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී අරියනේත්තිරන් මහතා, දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටියි. ඒ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ අනුමැතියකින් තොරව ය. 

පී.අරියනේත්තිරන්, 2004-2015 අතර කාලයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස තේරීපත්ව සිටියේ ය.

මෙවර ජනාධිපතිවරණයට ද්‍රවිඩ ජනතාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින පී අරියනේත්තිරන් මහතාට සහාය පළ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙම තත්ත්වය මත, මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහය ලබා දිය යුත්තේ කාටද යන්න පිළිබදව පොදු තීරණයක් ගැනීම ද්‍රවිඩ ජාතික සන්ධානයට දුෂ්කර වී තිබේ. 

එවැනි පසුබිමක වඩාත් සුදුසු වන්නේ, පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයෙකු නම් නොකර, මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස සිය ප්‍රජාවෙන් ඉල්ලා සිටීම බව ද්‍රවිඩ  ජාතික සන්ධානය තුළ සාකච්චා වෙමින් පවතින බව වාර්තා වේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න