රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම; ෆවුසිට අත්හිටවූ සිරදඩුවමක් සහ ලක්ෂ හතරක දඩයක්..! කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවකින්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා වරදකරු වී තිබේ. ඒ අනුව, ඔහුට එරෙහිව වසර දෙකක සිරදඩුවමක් සහ ලක්ෂ හතරක දඩයක් නියම කළ කොළඹ මහාධිකරණය, වසර දෙකක සිරදඩුවම වසර දහයකට අත්හිටුවීමට තීරණය කළේ ය. ඔහු වයස අවුරුදු අසූ හයක වයෝවෘද්ධ මහල්ලෙකු වීම හේතුවෙන් සිරදඩුවම ලිහිල් කරන ලද බව අධිකරණය දැනුම් දී තිබේ. ආපදාකළමණාකරණ අමාත්‍යවරයාව සිටි 2010 වසරේදී, නෙදර්ලන්ත රජයෙන් ආපදාකළමණාකරණ අමාත්‍යංශයට ලැබී තිබුණු රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් පෞද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවයි. ඊට අමතරව, එකී වාහනයේ නඩත්තු කටයුතු සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් අමාත්‍යංශයෙන් ලබා ගැනීමද ඔහු විසින් සිදු කර තිබුණි. 2015 වසරේ දී පවරා තිබුණු මෙම නඩුව, අල්ලස් කොමිසම 2022 දී ඉල්ලා අස්කර ගෙන තිබුණු අතර, පසුව නැවත අල්ලස කොමිසම මගින්ම කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-21 3:16 am
|
Heading |
---|
2024-11-20 5:34 am
|
Heading |
---|
2024-11-18 5:39 am
|
Heading |
---|
2024-11-17 10:19 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|