Heading
දේශපාලන
2024-09-08 12:53 pm

“මම අනුරව හොදින්ම දන්නවා..! ඔහු ඒ කතාව කිව්වේ ජාතිවාදී අර්ථයෙන් නොවෙයි..!" සුමන්දිරන් කියයි.

“මම අනුරව හොදින්ම දන්නවා..! ඔහු ඒ කතාව කිව්වේ ජාතිවාදී අර්ථයෙන් නොවෙයි..!" සුමන්දිරන් කියයි.  

යාපනයේ පැවති ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් පිළිබදව තරමක ආන්දෝලනයක් සමාජය තුළ ඇති වී තිබේ. 

ඔහුගේ එම ප්‍රකාශය, දෙමළ ජනතාවට කරන ලද තර්ජනයක් යැයි අර්ථ ගැන්වීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටියි. 

අනුරගේ එම ප්‍රකාශයේ දළ අර්ථය වූවේ දකුණේ ජනතාව වෙනසක් වෙනුවෙන් පෙළ ගැසී සිටින තත්ත්වයක් තුළ උතුරේ ජනතාවද එම වෙනස කරා රට ගෙන යාමට එක් විය යුතු බවයි. 

මෙම ප්‍රකාශය දෙමළ ජනතාවට කරන ලද තර්ජනයක් යැයි ජාතික ජන බලවේගයට ප්‍රතිපක්ෂ අදහස් දරන්නෝ පවසති. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධානියෙකු වන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි. 

ඔහු පවසන්නේ, අනුරගේ අදහස ජාතිවාදී අර්ථයකින් නොගත යුතු බවයි. එමෙන්ම, තමන් අනුර කුමාර ඉතා හොදින් දන්නා හදුනන බව පවසන සුමන්තිරන්, ඔහු ජාතිවාදියෙකු නොවන බවද සහතික කරයි. එසේම, අනුර කුමාර දිසානායක මහතා යෝජනා කරන වෙනසේ කොටස්කරුවන් බවට පත් වීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න