Heading
දේශපාලන
2024-07-26 1:37 am • Views: 5

දේශබන්දු ප්‍රශ්නය; “සිය වගකීම් ඉටු කිරීමට නොහැකිනම්, ජනාධිපතිවරයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතුයි..!” සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ. 

සිය නීති කණ්ඩායමේ උපදෙස් මත ජනාධිපතිවරයා මේ බව කතානායකවරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ. 

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා නිකුත් කර තිබේ. 

ඉහළ නිලයක් දරන නිළධාරියෙකු ඉල්ලා අස්වුවහොත් හෝ මියගියහොත්, ජනාධිපතිවරයා එම නිළධාරියා වෙනුවට වැඩ බලන අයෙකු පත් නොකරන්නේ දැයි නීතීඥ සාලිය පීරිස් මහතා එම නිවේදනයෙන් ප්‍රශ්න කරයි. 

පෙනෙන හැටියට, ජනාධිපතිවරයා ඔහුගේ වගකීම් පැහැර හැරීමට උත්සාහ කරන බව පෙනී යන බැවින්, සිය වගකීම් හරිහැටි ඉටු කළ නොහැකි ජනාධිපතිවරයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතු බවත්, ජනාධිපතිධූරයේ වැඩ බැලීම අග්‍රාමාත්‍යවරයා පැවරිය යුතු බවත්, නීතීඥ සාලිය පීරිස් මහතා යෝජනා කරයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න