Heading
දේශපාලන
2024-07-26 7:49 am

"දේශබන්දුගේ වැඩ තහනම මැතිවරණයට කිසිදු බලපෑමක් නෑ..!" සාලිය පීරිස්.

"දේශබන්දුගේ වැඩ තහනම
මැතිවරණයට කිසිදු බලපෑමක් නෑ..!"
සාලිය පීරිස්.
පොලිස්පතිදූරය හිස්වීමක් සිද්ධ වී නැති බවත්, සිද්ධ වී ඇත්තේ, පොලිස්පතිවරයාට ඔහුගේ බලතල - කාර්ය සහ කර්තව්යයන් ඉෂ්ඨ කිරීම තාවකාලිකව තහනම් කිරීමක් බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.
මේ තත්ත්වය මැතිවරණ රාජකාරී සදහා කිසිසේත්ම බාධාවක් නොවන බව ද ඔහු පවසයි.
මැතිවරණ රාජකාරී ආවරණය වන නීති ගණනාවක් ඇති බව පවසන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, ජනාධිපතිවරණ පනත, ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ පොලිස් ආඥා පනත ඉන් කිහිපයක් බව පෙන්වා දෙයි.
ඒ අනුව, පලාත් භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන්ට සහ බිම් මට්ටමේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවශ්ය පරිදි බාධාවකින් තොරව, මැතිවරණ රාජකාරී කටයුතු කරගෙන යාමේ පසුබිම නිර්මාණය වී ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී අත්හිටුවීම මැතිවරණය සදහා බාධාවක් බවට පැතිරෙන ආරංචි මනංකල්පිත අදහසක් පමණක් බව පවසන සාලිය පීරිස් මහතා කෙසේ වෙතත්, පොලිස්පති ධූරයේ රාජකාරී ආවරණය කිරීම සදහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා නීතියෙන් බැදී සිටින බවද අවධාරණය කරයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න