Heading
දේශපාලන
2024-07-30 2:41 am

“පළමුව පැමිණි අයටත්, අතර මඟ දී එක් වූ අයටත් ස්තූතියි..! මෙතෙක් නොපැමිණි ඔබ ඔබ දැන් එන්න..!” - ජනපති රනිල්.

රට ගොඩනගන ගමනට තමන් හා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ඔහු හා එක් වීමට තීරණය නොකළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.


ඔහු මෙම ඉල්ලීම කරන ලද්දේ, පොහොට්ටු පක්ෂය, ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව නිවේදනය කිරීමෙන් පසුව යි.


පොහොට්ටු පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව නිවේදනය කළ සැනින් එම පක්ෂය හා සිටි මන්ත්‍රී කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කිරීම සදහා පැමිණියේ ය.


තමන් ජනාධිපති ධූරය භාර ගැනීමට තීරණය කළ අවස්ථාවේ දී තමන් හා එක් වූ මන්ත්‍රී කණ්ඩායමටත්, තමන් රට භාර ගැනීමෙන් පසු ව රට ගොඩ නැගෙන හැටි දැක, සිය මෙහෙවරට සහාය දීම සදහා අතර මගදී තමන් හා එක් වූ මන්ත්‍රී කණ්ඩායටමත් ජනාධිපතිවරයා ස්තුති කරයි.


එමෙන්ම, මෙතෙක් තමන් හා එකතු නොවූ මන්ත්‍රීවරුන්ගෙන්, අප සියළු දෙනා සිහින දකින ලංකාව ගොඩ නැගීම සදහා එක්වන්නයි, ජනාධිපතිවරයා ආරාධනා කරයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න