Heading
දේශපාලන
2024-07-30 2:43 am

වී.එෆ්.එස් වීසා මගඩිය; අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය උසාවි කැදවයි..!

විද්‍යුත් වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පවරාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඊට අමතරව, එය, සංචාරක ව්‍යාපාරයට දැඩිව බලපා ඇති බවද පවසමින් පාටලී චම්පික රණවක සහ එම්.ඒ සුමන්තිරන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, අගෝස්තු දෙවන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පෙත්සමේ වග උත්තරකරුවන් වෙත සිතාසි නිකුත් කර තිබේ.


මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි.


මෙහිදී විද්‍යුත් වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පවරාදීමට සෘජුව මැදිහත් වූ අමාත්‍යවරු වෙත වෙනම සිතාසි භාර දී ඇති අතර, අනෙකුත් අමාත්‍යවරු වෙනුවෙන් කැබිනට් මණ්ඩල ලේකම්වරයාට සිතාසි භාර දී ඇති බව වාර්තා වේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න