Heading
දේශපාලන
2024-07-04 2:10 am

මුදල් අමාත්‍යවරයාට අසීමිත බලයක් දීම වළක්වා තිබේ

මුදල් අමාත්යවරයාට
අසීමිත බලයක් දීම වළක්වා තිබේ.
රාජ්ය මූල්ය කළමණාකරණ පනත් කෙටුම්පතට එරෙහිව
ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් නීත්දුවට
ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් පැසසුම්...!

රාජ්ය මූල්ය කළමණාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගියදා ශේ්්රෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැසසුමට ලක් කර තිබේ.
පනත් කෙටුම්පතේ 32(3) සහ 32(4) යන වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනුකූල බවත්, එම වගන්ති සම්මත කර ගැනීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගැනීම අවශ්ය බව ශ්රේෂ්ඨාධිකරනය නියෝග කර තිබේ.
රාජ්ය මූල්ය කළමණාකරණ පනත් කෙටුම්පතේ 32 වගන්තියෙන් ප්රසම්පාදන ක්රියාවලිය සම්බන්ධයෙන් ඇති පාලනය බරපතල ලෙස දුර්වල කර, දූෂණයට දොර කවුළු විවර කර තිබෙන බවට යෝජනා කරමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පනත් කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේ ය.
ප්රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන්, රාජ්ය ව්යවසායන් නිදහස් කිරීමේ බලය 32(3) වගන්තියෙන් මුදල් අමාත්යවරයාට ලබා දීමට යෝජනා කර තිබුණි.
එමෙන්ම 32(4) වගන්තියෙන්, පලාත් සභාවලට - ප්රසම්පාදන ක්රියාවලියට අදාලව ඔවුන්ගේම මාර්ගෝපදේශ සකස් කර ගැනීමට අවකාශ ලබා දීම යෝජනා කර තිබුණි.
මෙම යෝජනා දෙකම ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනනුකූල බව ශ්රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කර තිබේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න