Heading
දේශපාලන
2024-08-03 4:43 am

“පොහොට්ටුවේ මහනුවරම එකපොදියට රනිල්ට..!” මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

“පොහොට්ටුවේ මහනුවරම එකපොදියට රනිල්ට..!”  මහින්දානන්ද අලුත්ගමගේ කියයි. 


ඊයේ, පොහොට්ටු පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් බලමණ්ඩලය කැදවූ එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ, දිස්ත්‍රික් බලමණ්ඩලයේ ඒකමතික සහාය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට සමත් විය. 

මේ සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින්. 

පොහොට්ටුවේ මහනුවරම එක පොදියට රනිල්ට!
.
.
මහනුවර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බහුතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන් 6ක්, හිටපු පළාත් සභා මන්ත්රීවරුන් මෙන්ම මහනුවර දිස්ත්රික්කයේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 202ක් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගරු රනිල් වික්රමසිංහ මැතිතුමන්ට සහයෝගය දැක්වීම සඳහා ඒකමතිකව තීරණය කළා.
මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (02) පස්වරුවේ මහනුවරදී කැඳවා තිබූ ශ්රී.ල.පො.පෙ දිස්ත්රික් බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.
පැමිණ සිටි සියලුම දෙනාගේ මතය වූයේ වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ නැවතත් රට ගොඩනැඟීමට හැකි වූ නායකත්වය සඳහා තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන් වෙනුවෙන් එක්විය යුතු බවයි.
මේ අවස්ථාව සඳහා මා ඇතුලුව , ගරු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමන්, ගරු රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මැතිතුමන්, ගරු රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මැතිතුමන්, ගරු පා.ම. ගුණතිලක රාජපක්ෂ මැතිතුමන් මෙන්ම ශ්රී.ල.පො.පෙ හිටපු පළාත් සභා මන්ත්රීවරුන්, මහනුවර දිස්ත්රික්කයේ ශ්රී.ල.පො.පෙ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුලු පිරිස් එක්ව සිටියා.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න