පසුගිය මාසය තුළ සමාජ මාධ්‍යය ඔස්සේ සිදු කළ ප්‍රචාරණය සදහා වැඩිම මුදලක් වැය කළ අපේක්ෂකයා ජනපති රනිල්..! ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යය තුළ සිදු කරන ප්‍රචාරණ කටයුතු පිළිබදව සංසන්දනාත්මකව විමසා බැලීමේ දී, පසුගිය මාසය තුළ වැඩිම පිරිවැයක් දරා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දියත් කර තිබෙන ප්‍රචාරණය වෙනුවෙන් බව පෙනී යන්නේ යැයි, ඒ පිළිදව සොයා බලා ඇති සංවිධානය පවසයි. ඔවුන්ට අනුව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්, ජූනි 30 වන දා සිට ජූලි 29 දක්වා කාලය තුළ, ෆේස් බුක් ඇතුළු මෙටා ජාලයට අයත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාත පාර්ශ්වය රුපියල් ලක්ෂ පනස් එකක මුදලක් වැය කර තිබේ. මෙහිදී වැඩිම මුදලක් වැය කර ඇත්තේ “ජොයින් ද රනිල්” නම් ෆේස් බුක් පිටුව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි. ඒ සදහා වැය කර තිබෙන මුදල එක්සත් ජනපද ඩොලර් 13,093 කි. යූඇන්පී වොලන්ටියර් නම් ෆේස් බුක් පිටුව ප්‍රවර්ධනය කිරීමට වැය කර තිබෙන මුදල ඩොලර් 3559 කි. ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම සදහා ඩොලර් 2323 ක මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යන ෆේස් බුක් පිටුව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැය කර තිබෙන මුදල ඩොලර් 661 කි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මඩ ගැසීම සදහා පවත්වාගෙන යන නෙක්ස්ට් පොලිටික්ස් නම් ෆේස්බුක් පිටුවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඩොලර් 354 ක් වැය කර තිබේ. මෙම ෆේස්බුක් පිටුවේ අන්තර්ගතයන් මගින් අනුර කුමාර දිසානායක මහතාට පහර දෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔසවා තැබීමට කටයුතු කරයි. ඊළඟට වැඩිම මුදලක් ප්‍රචාරණය සදහා වැය කර තිබෙන්නේ සමගි තරුණ බලවේගය සහ අමාත්‍ය මනූෂ නානායක්කා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ෆේස් බුක් ගිනුම් දෙකක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-21 3:16 am
|
Heading |
---|
2024-11-20 5:34 am
|
Heading |
---|
2024-11-18 5:39 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|