Heading
දේශපාලන
2024-08-09 12:27 pm

“තීරණාත්මක මොහොතේ ඔබ කළ මෙහෙය අමතක කළ නොහැක..!” ඇමති කාන්චන හරීන්ට සහ මනූෂට කියයි.

“තීරණාත්මක මොහොතේ 

"ඔබ කළ මෙහෙය අමතක කළ නොහැක..!” ඇමති කාන්චන හරීන්ට සහ මනූෂට කියයි. 


සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබූ නඩුවකට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුව ප්‍රකාරව, හරීන් ට සහ මනූෂ ට ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහිමි විය. 

ඔවුන් දෙදෙනාම කැබිනට් ඇමතිවරුන් ය. 

සිය සගයන් දෙදෙනාට අත් වූ ඉරණම පිළිබදව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා විශේෂ ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.   

හරීන් සහ මනූෂ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පැමිණියේ, තීරණාත්මක අවස්ථාවක බව පවසන කාන්චන විජේසේකර, ඔවුන් එම තීරණය ගත්තේ මන්ත්‍රී ධූර අහෝසි වීමේ අවදානම දැනගෙනම බවද පවසයි. 

හරීන් සහ මනූෂ යන දෙදෙනාම රටට ඩොලර් උපයන ක්ෂේත්‍ර දෙකක කටයුතු කළ බව පවසන අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වීම කෙරෙහි ඔවුන් දෙදෙනාගේ වෙහෙස බලපෑ බවද අවධාරණය කරයි. 

එක් අවදියක හරීන් සහ මනූෂ යන දෙදෙනාම තමන්ට පසමිතුරු කදවුරක සිටියද, එකට එකතු වී කටයුතු කළ කාලය තුළ ඔවුන් දෙදෙනා කළ කැපවීම තමන් අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න