දැඩි කොන්දේසි මත, විදේශීය ආයෝජකයන් 7 දෙනෙකුට කංසා වගාවට අවසර..! දැඩි කොන්දේසි මත, විදේශීය ආයෝජකයන් හත් දෙනෙකු සදහා කංසා වගාවට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි. මෙම ආයෝජකයන් හත් දෙනා තෝරාගෙන ඇත්තේ, අයදුම්කරුවන් 37 දෙනෙකු අතරෙනි. කංසා වගාව අපනයනය සදහා පමණක්ම සිදු කළ යුතු අතර, ඖෂධ නිෂ්පාදනය සහ ඒ හා සම්බන්ධ පර්යේෂණ කාර්යයන් සදහා පමණක් භාවිතා කරන බවට සහතික විය යුතුය. සෑම ආයෝජකයෙකුම ඩොලර් මිලියන දෙකක තැන්පතු මුදලක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. එමෙන්ම, ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන පහ ඉක්මවිය යුතුය. මීරිගම ප්‍රදේශයේ අක්කර හැට හතරක භූමි ප්‍රදේශයක් දැනටමත් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-12 5:14 am
|
Heading |
---|
2025-08-12 3:34 am
|
Heading |
---|
2025-08-12 1:35 am
|
Heading |
---|
2025-08-11 3:26 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|